
ඒඩ්ස් ආසාදිතයන් ඉහළ යන රටවල් 21 අතර ශ්‍රී ලංකාව 17 වැනි තැනට
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එච්අයිවී/ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලෝකයේ රටවල් 21 අතර ශ්‍රී ලංකාව 17 වැනි ස්ථානයේ පසුවන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනේ දත්ත අනුව සඳහන් වේ. 2022 වසරට සාපේක්ෂව 2025 දක්වා කාලය තුළ අදාළ රටවල එච්අයිවී ආසාදන වර්‍ධනය සියයට 20ක පමණ අගයක් ගන්නා බවද වාර්‍තා වේ. ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආමේනියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොංගෝව, කොස්ටාරිකාව, ඊජිප්තුව, කිර්‍ගිස්ථානය, මැඩගස්කරය, නයිජීරියාව, පාකිස්ථානය, පැරගුවේ, පේරු, පිලිපීනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, සුඩානය, ටියුනීසියාව, වෙනිසියුලාව සහ යේමනය එම රටවල් අතරට ඇතුළත් බව සඳහන්‍ය. ලෝක මට්ටමින් 2010 වසරට සාපේක්ෂව 2024 වනවිට නව එච්අයිවී ආසාදන වාර්‍තාවීම සියයට 40කින් පහළ ගොස් ඇතත්, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයන් හඳුනාගැනීම සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඒඩ්ස් මර්‍දන අංශයේ දත්ත පෙන්වා දෙයි. 2023 වසරේ සිට විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එච්අයිවී ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවද සඳහන් වේ. 2025 වසරේ පළමු මාස නවය තුළ පමණක් මෙරටින් එච්අයිවී ආසාදිතයන් 639 දෙනකු හඳුනාගෙන ඇති අතර, එය 2024 වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 6ක ඉහළ යාමක් බව වාර්‍තා වේ. පවතින ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 4,900ත් 6,500ත් අතර විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්‍දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සඳහන් කර ඇත්තේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර එච්අයිවී ආසාදන වැඩි වශයෙන් වාර්‍තා වන බවයි. මත්ද්‍රව්‍ය භාවිතයේදී ඉන්ජෙක්ෂන් උපකරණ භාවිත කිරීම වැනි අවදානම් හැසිරීම්ද ඊට බලපාන්නේද යන්න පිළිබඳ අවධානය යොමු වී ඇති බව ඇය සඳහන් කර තිබේ. 2024 වසරට සාපේක්ෂව 2025දී ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබීමත් සමඟ, රෝගය හඳුනාගැනීම සහ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජංගම සායනද ආරම්භ කර ඇති බව සඳහන් වේ.
Google AdSense
In-Article Ad

