FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාව අත්අඩංගුවට ගන්න එපා.. ශිරන්ති සිංගප්පූරුවේ සිට වේලාසන ඇප ඉල්ලයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත දැනුම් දී තිබූ බවත්, එහෙත් ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන්ට විදේශගත වීමට සිදු වූ බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය අයදුම්පත මඟින් අධිකරණයට දැනුම් දී ඇත. ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළේදීම තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින්, සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදාහරින ලෙස ඇය සිය පෙත්සම මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad