
අයවැය ශේෂය රුපියල් බිලියන 35ක්.. වෙලද හිගය ඩොලර් බිලියන 7 පනී.. රජයේ ණය ට්‍රිලියන 31 පනී...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මහ බැංකු වාර්‍තාවට අනුව, 2026 අගෝස්තු මාසයෙන් අවසන් වූ මුල් මාස අට තුළ මෙරට වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,180 (ඩොලර් බිලියන 7.18) දක්වා ලෙස පුළුල් වී තිබේ. එය 2025 වසරේ අදාළ කාලසීමාවේ වාර්‍තා වූ ඩොලර් මිලියන 4,264 ක වෙළඳ හිඟය හා සැසඳීමේදී සියයට 68 කට ආසන්න බරපතළ ඉහළ යාමකි. මෙරට අපනයන ආදායම සියයට 3.3 ක සුළු වර්‍ධනයක් පමණක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 9,377 ක් ලෙස සටහන් වෙද්දී, ආනයන වියදම සියයට 24.1 ක සීඝ්‍ර වර්‍ධනයක් සහිතව ඩොලර් මිලියන 16,557 දක්වා ඉහළ යාම මෙම පරතරය දැඩි වීමට ප්‍රධාන හේතුව වී ඇත. මීට අමතරව, අපනයන මිලට වඩා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙරට Terms of Trade ද සියයට 4.1 කින් පිරිහීමට ලක්ව තිබේ. විදේශ අංශයේ පවතින මෙම දුර්‍වලතාව හමුවේ, 2026 ඔක්තෝබර් 02 වැනිදා වන විට වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.2 කින් අවප්‍රමාණ වී ඇත. 2026 අගෝස්තු අග වන විට මෙරට නිල දළ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,929 ක් (ඩොලර් බිලියන 6.9 ක්) ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති නමුත්, ඊට භාවිතය සීමා සහිත කොන්දේසි සහිත චීන මහජන බැංකුවේ (PBOC) විදේශ විනිමය හුවමාරු (Swap) මුදල්ද ඇතුළත් වේ. එමෙන්ම සංචාරක ඉපැයීම් ද පෙර වසරට සාපේක්ෂව සියයට 10 කින් පසුබෑමක් සටහන් කර ඇත. රාජ්‍ය මූල්‍ය අංශය සැලකීමේදී, රජයේ ආදායම් සියයට 21.2 කින් ඉහළ යාම හේතුවෙන් 2025 මුල් මාස අට තුළ පැවති රුපියල් බිලියන 411 ක අයවැය පරතරය වෙනුවට රුපියල් බිලියන 35.4 ක සමස්ත අයවැය අතිරික්තයක් අත්කර ගැනීමට රජය සමත්ව ඇත. එසේ වුවද, 2026 ජූනි මස අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය බර රුපියල් බිලියන 31,278 ක් (ට්‍රිලියන 31.2 ක්) තරම් ඉහළ මට්ටමක පැවතීම ආර්‍ථිකයේ දිගුකාලීන අවදානම තවදුරටත් තීව්‍ර කරවන්නකි. මීට අමතරව, මෙරට විරැකියා අනුපාතිකය 2026 දෙවන කාර්‍තුවේදී සියයට 4.0 දක්වා ඉහළ ගොස් ඇති අතර කෘෂිකාර්‍මික නිෂ්පාදනය සියයට 2.3 කින් හැකිලී තිබේ. ආහාර උද්ධමනය සියයට 8.7 ක ඉහළ අගයක පැවතීම මෙන්ම, මැදපෙරදිග අර්‍බුදය හමුවේ ලෝක බොරතෙල් සැපයුමේ පවතින අවිනිශ්චිතතාව මෙරට ආර්‍ථිකයට ඉදිරියේදී තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බව පෙනී යයි.
Google AdSense
In-Article Ad

