FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට ගිය ශිරන්තිගේ පාස්පෝට් කැන්සල්..? එනකොට ගුවන්තොටේදී අත්අඩංගුවට..?

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී තිබෙන සහන කාලය අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් අධිකරණයට කරුණු වාර්‍තා කර විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රය ද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි. එසේ වුවහොත් රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපොළට පැමිණි වහාම ඇය අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්‍ග වැඩිදුරටත් කියා සිටියේය. ‘සිරිලිය’ නමින් ගිණුමක් විවෘත කර එහි මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. මෙම ඒකකය වෙත ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස ඉකුත් 24 වැනිදා දැනුම්දීමක් කර තිබුණ ද ඊට පෙර රාජපක්ෂ මහත්මිය වෛi ප්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. එහිදී නීතිඥයන් මාර්‍ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබාදෙන ලෙසයි. එම සහන කාලය අවසන්වීමට පෙර රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටියි. හේමන්ත රන්දුණු Divaina

Google AdSense

In-Article Ad