FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 නිසා GSP+ නැතිවෙන්න ආසන්නයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව හුදකලා කිරීමට හේතු විය හැකි බවයි. ලබන වසරේ මාර්‍තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වත්මන් ගිවිසුම් කාලසීමාව අවසන් වීමට නියමිතය. ඉන් අනතුරුව, 2026 වසරේ දෙසැම්බර් මාසයේදී ජී. එස්. පී. (GSP+) බදු සහනය තවදුරටත් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය වෙත අයදුම් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බව මහාචාර්‍යවරයා සිහිපත් කළේය. මෙම සහනය ලබා දීමේදී යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ අදාළ රට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳවයි. එම සම්මුතියේ මූලිකම අංගයක් වන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම බව හෙතෙම අවධාරණය කළේය. කෙසේ වෙතත්, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතා, මේ හේතුවෙන් ජී. එස්. පී. සහනය අහිමි වීමේ දැඩි අවදානමක් නිර්‍මාණය වී ඇති බව ප්‍රකාශ කළේය. යම් හෙයකින් මෙම බදු සහනය මෙරටට අහිමි වුවහොත්, එය දැනටමත් අර්‍බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්‍ථිකයට එල්ල වන මරු පහරක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad