
පුරාවිද්‍යා දෙපාර්‍තමේන්තුව අහෝසි කරන්න නීති හදනවා.. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම එකමුතුව පෙන්වා දෙන්නේ මෙම කාර්‍යාංශය පිහිටුවීමෙන් පසු අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා විශේෂඥතාව ඇති නිලධාරීන් වෙනුවට වෙනත් පාර්‍ශ්වයන් පත්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී සිදුවන්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ හෙළිමක් බවත් මෙම එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වසන්ත බණ්ඩාර මෙසේ ද පැවසුවේය. 'උතුරු පළාතේ යාපනය මහජනතාව සතුටු කරන්න, විශේෂයෙන්ම පුරාවිද්‍යා තැනක් අහෝසි කරන්න, ජාතික උරුම පදනමින් ඉවත් කරලා, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණය නැති කරන්න ක්‍රියාකරන බවට මහා සංඝරත්නයට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය දිනක ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී උතුරේ ජනතාව සතුටු කරන්න බොහෝ දේවල් කියලා තියනවා. ඒ වගේම, උතුරු ඩයස්පෝරාවේ විවිධ බලපෑම්වලට ලක්වෙලා තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. අපි මීට කලින් මාධ්‍ය සාකච්ඡාවලදී අනාවරණය කළා, පසුගිය දවස්වල චානක්‍යන් සහ සුමන්දිරන් මන්ත්‍රිලා දෙන්න පුරාවිද්‍යා දෙපාර්‍තමේන්තුවට කාර්‍යාල වේලාවෙන් පසුවත් කිහිප වතාවක් පැමිණ, සාකච්ඡා කරලා තියනවා. උතුරු නැගෙනහිර පළාත්වල තියෙන පුරාවිද්‍යා වාර්‍තාවල කරුණු වෙනස් කරන්න, ඊට අමතරව දෙපාර්‍තමේන්තුවට බඳවා ගැනීමේ පටිපාටියේ යම් යම් වෙනස්කම් කරන්න.මේ තත්වය තවත් වැඩි වෙනවා පුරාවිද්‍යා දෙපාර්‍තමේන්තුව අයින් කරලා දාලා ජාතික උරුම කාර්‍යාංශයක් ''පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කළහොත්. අපි එයට සම්පුර්‍ණයෙන්ම විරුද්ධයි'
Google AdSense
In-Article Ad

