FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වියදම වැඩියි... ගොවීන් තේ වගාව අත්හරිමින්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වසර ගණනාවකින් තේ දලු මිල සාපේක්ෂව ඉහළ නොයාම සහ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. තේ වගාවට සාපේක්ෂව කුරුඳු වගාව සඳහා වැය වන පිරිවැය අඩු වීමත්, ඉන් වැඩි ලාභයක් ලබාගත හැකි වීමත් නිසා බොහෝ තේ ගොවීන් සිය තේ වගාවන් ඉවත් කර කුරුඳු වගාවට යොමු වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. දැනට වෙළෙඳපොළේ අමු තේ දලු කිලෝවක මිල රුපියල් 220 ත් 260 ත් අතර අගයක පවතින අතර, කුරුඳු කිලෝවක මිල රුපියල් 5500 ත් 6500 ත් වැනි ඉහළ අගයක පවතී. දෛනික කම්කරු වැටුප්, පොහොර සහ රසායනික ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තේ වගාව තවදුරටත් පවත්වාගෙන යාම පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි වතු හිමියෝ පවසති. ජාතික ප්‍රතිපත්ති හා ආර්‍ථික කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මෙරට තේ වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 31,000 ක් පමණ වේ. තේ කර්‍මාන්තය මුහුණ දී ඇති මෙම අර්‍බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වන තේ කර්‍මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ ද සිල්වා මහතා සඳහන් කරන්නේ, තේ කර්‍මාන්තය සුරක්ෂිත කර ගැනීම සඳහා රජය කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බවයි.

Google AdSense

In-Article Ad