
නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්‍ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්‍ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්‍ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ඒ, අද පෙරවරුවේ පාර්‍ලිමේන්තු කටයුතු ආරම්භයේදියි. මේ අතර ඇයගේ අභාවය හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති තෙදින ජාතික ශෝක කාලය තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. අද, හෙට සහ අනිද්දා තෙදින ආචාර්‍ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි රජය ඊයේ පියවර ගත්තේ. ඇයගේ දේහය මහජන ගෞරව සදහා හෙට දිනය දක්වා නාවල පාර, විජයබා මාවත, අංක 30 දරණ නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කෙරෙනවා. නන්දා මාලිනී මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 5 ට බොරැල්ල කනත්තේදි සිදු කිරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

