
වෙලද හිගය 27%කින් ඉහලට.. රුපියල 7.6%කින් පිරිහෙයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270ක්ව පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට ඩොලර් මිලියන 5,489ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාමයි. 2026 ජූනි මාසය වන විට ආනයන වියදම ඩොලර් මිලියන 12,392ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 26.9%ක වර්‍ධනයකි. වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.6%කින් අගය පිරිහීමට ලක්ව ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර, 2025 ජූලි මාසයේදී 200,244ක් වූ සංචාරක පැමිණීම 2026 ජූලි මාසය වන විට 196,845 දක්වා පහත වැටී තිබේ. මීට අමතරව, වාණිජ බැංකු මගින් ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණය පොලී අනුපාතය පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, එය 10.76%ක් ලෙස සටහන් වේ. පිටකොටුව තොග වෙළඳපොළේ දත්තයන්ට අනුව එළවළු වර්‍ග රැසක මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
Google AdSense
In-Article Ad

