
LPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියේ, ක්‍රීඩාංගණයේ 'C' Upper and Lower, 'D' Upper and Lower යන කොටස් ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි. ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අවසන් මහා තරගය සුදුසුකම් ලබා සිටින අතර, තරගය රාත්‍රී 7.30ට ආරම්භ වේ. ඒ අනුව ක්‍රීඩාංගනයේ සියලුම දොරටු ප්‍රේක්ෂකයින් සඳහා සවස 5.30 සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත. තරගය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩාලෝලීන් උදෙසා විනෝදාස්වාද අංග මාලාවක් මෙන්ම ආකර්ෂණීය සමාප්ති උත්සවයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
Google AdSense
In-Article Ad

