
රු. බිලියන 4 ක් වංචා කළැයි සමාගම් 2 ක අධ්යක්ෂවරු 2 ක් රිමාන්ඩ්
FM Heart · 1 min read
ලිමෝ ප්ලස් ඉන්ටර්නැෂනල් සමාගම, ලිමෝ ඉන්ටර්නැෂනල් ලිමිටඩ් (Limo plus international (pvt) limited, limo international (pvt) limited නම් මහනුවර හා කොහුවල ප්‍රදේශවල පිහිටි ආයතන මගින් මිනිසුන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් රවටා ලාභාංශ ලබාදෙන බවට පවසා මුදල් ආයෝජනය කරගෙන එම මුදල් වංචා කිරීම සම්බන්ධව ඉහත ආයතනවල අධ්යක්ෂවරුන් තිදෙනාගෙන් දෙදෙනකු දෙසැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 2026.11.20 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා පෙරේදා (21දා) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී පොලිසිය සඳහන් කළේ, එම සැකකරුවන් වංචා කරන ලද මුදල බිලියන 04 කට ආසන්න බවයි. එලෙස අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ සැකකරුවන් වන්නේ දොන් අසංක නුවන් අබේවර්ධන සහ මහවෙලගෙදර ගයාන් රන්දික යන දෙදෙනායි. ඒ.ජේ.ඒ. අබේනායක

