
නව අධිවේගී මාර්‍ග කිලෝමීටරයක වියදම තුන් ගුණයකින් ඉහළ දමාලා.. දැවැන්ත ඉදිකිරීම් මාෆියාවක්..
FM Heart · 1 min read
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ පැයකින් නුවරට, දඹුල්ලට සහ රත්නපුරයට යා හැකි බවට ජනතාව තුළ මනෝරාජික බලාපොරොත්තු ඇති කරමින්, මහා පරිමාණ සමාගම් කිහිපයකට වාසි සැලසෙන පරිදි ටෙන්ඩර් පටිපාටිය සකස් කර ඇති බවට හෙතෙම මෙහිදී චෝදනා එල්ල කළේය. මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත නව අධිවේගී මාර්‍ග ව්‍යාපෘති තුනෙහි ඇස්තමේන්තුගත වියදම් මෙසේය. මධ්‍යම අධිවේගී මාර්‍ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස (කි.මී. 20): රුපියල් බිලියන 127 කි (කොටස් 7 කින්). රුවන්පුර අධිවේගී මාර්‍ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටස (කි.මී. 25.8): මාර්‍ගය සඳහා බිලියන 189 ක් සහ කහතුඩුව අන්තර්‍හුවමාරුව සඳහා බිලියන 72 ක් ඇතුළුව රුපියල් බිලියන 261 කි. කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස (කි.මී. 37): රුපියල් බිලියන 233 කි (කොටස් 12 කින්). මීට අමතරව, අඩක් නිමවා අතරමඟ නතරව තිබූ කඩවත - මීරිගම (කි.මී. 37) කොටසේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 146 සිට බිලියන 238 දක්වා ද, පොතුහැර - රඹුක්කන කොටස බිලියන 78 දක්වා ද සංශෝධනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

