FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජනාධිපතිවරයා පෞද්ගලික නඩත්තුවට සතයක්වත් වෙන් කරගෙන නෑ

FM Heart · 1 min read

The Heart Academy
ඇමැති ආනන්ද විජේපාල මෙවර අය-වැයෙන් හිටපු ජනපතිවරුන් වෙනුවෙන් මිලියන 34 ක්: ඉදිරි 2027 වර්‍ෂය සඳහා ඉදිරිපත් කළ අය-වැය ලේඛනයේ ජනාධිපති වැය ශීර්‍ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 34ක මුදලක් පමණක් බව මහජන ආරක්ෂක සහ පාර්‍ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්‍ලිමේන්තු අය-වැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති වැය ශීර්‍ෂයේ විශාලතම මූල්‍ය ප්‍රතිපාදනය වන රුපියල් මිලියන 6,500ක දැවැන්ත මුදලක් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා වෙන් කර ඇති බවයි. පසුගිය කාලසීමාවන්හි පැවති ක්‍රමවේදයන්ට හාත්පසින්ම වෙනස්ව යමින්, මෙවර ජනාධිපතිවරයා සිය පෞද්ගලික පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ නඩත්තුව වෙනුවෙන් ජනතා බදු මුදලින් එකදු සතයක් හෝ වෙන් කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
99mobile