
අය – වැයට එරෙහිව – ගුරු – විදුහල්පති – සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද පාරට
FM Heart · 1 min read
2027 අය-වැය යෝජනාවලට විරෝධය පළ කරමින් ගුරු, විදුහල්පති, සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (23දා) ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ කාර්යාල ඉදිරිපිට පෙරවරු 11.30 සිට දහවල් 12.30 දක්වා කෑම පැයේදී මෙම විරෝධතාවය දැක්වීම සිදුකරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා පැවැසීය. රාජ්‍ය සේවකයන් වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාවලට 2027 අය-වැයෙන් සහන නොලැබීම හේතුවෙන් රුපියල් 25,000 ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම මෙම විරෝධතාවේ අරමුණක් බවද හෙතෙම කීය. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා කියා සිටියේ, සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ජාතික කළු විරෝධතාවක් දක්වන බවත් විසඳුම් නොලැබෙන්නේ නම් 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා වැඩි කරන බවත්ය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ, රජයේ රෝහල් ඉදිරිපිට විරෝධතාව පවත්වන බවය. රාජ්‍ය සේවකයන් විසින් ක්‍රියාත්මක කරන විරෝධතාවට කම්කරු අරගල මධ්‍යස්ථානය ද සහාය පළ කරන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

