
සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්
FM Heart · 1 min read
ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයේ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික සහ ආරක්ෂිත සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස රැස් කරමින් ජාන සොරකමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකුට අද (23) කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්. යසස්ත්රී ප්‍රියංගිකා දිසානායක මහත්මිය විසින් රුපියල් මිලියන 76.4ක (රු. 76,400,000) දඩ මුදලක් නියම කර තිබේ. නඩු අංක 31799/2026 යටතේ කැඳවූ මෙම නඩුවේදී චූදිතයන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 143කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. එක් චූදිතයෙකුට රු. 19,100,000 බැගින් චූදිතයන් සිව්දෙනාට රු. 76,400,000ක දඩයක් නියම කෙරුණි. දඩ මුදල් නොගෙවන්නේ නම් එක් අයෙකුට වසර 125කුත් මාස 6ක සිර දඬුවම් නියම කර තිබේ. අද දින පළමු චූදිත සිය දඩ මුදල සම්පූර්ණයෙන් ගෙවා නිදහස් වී තිබේ. සියලු නඩු භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කළ අතර, සැකකරුවන් පැමිණි MG ZS වර්ගයේ මෝටර් රථය පිළිබඳ විමසීම 2027 ජනවාරි 18 වැනිදාට කල් තබන ලදී.

