
කොළඹ – මාලදිවයින නව ගුවන් සේවයක් දෙසැම්බර් 5 සිට
FM Heart · 2 min read
කොළඹ සහ මාලදිවයින අතර නව ගුවන් ගමන් සේවාවක්, 2026 දෙසැම්බර් 5 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. වියට්නාමයේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන වියට්ජෙට් (VietJet) ගුවන් සේවය විසින් මෙය ආරම්භ කරනු ලබයි. සතියකට ගුවන් ගමන් වාර තුනක් ලෙස අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන මෙම නව සේවාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගමන් කරන මගීන්ට වැඩි පහසුවක් සහ විකල්පයන් රැසක් සලසනු ඇත. එමෙන්ම කලාපීය ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ නගරයේ වැදගත්කම තවදුරටත් ඉහළ නැංවීමට ද මෙය දායක වනු ඇත. මෙම නව ගුවන් සේවාව හඳුන්වාදීම වියට්ජෙට් ගුවන් සේවයේ කලාපීය ගුවන් ගමන් ජාලය පුළුල් කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් වන අතර, ආසියානු කලාපය තුළ සංචාරක, වෙළඳ සහ ව්‍යාපාරික සම්බන්ධතා වර්‍ධනය කිරීමට ද නව අවස්ථා උදාකරනු ඇත. ශ්‍රී ලංකාවේ වියට්ජෙට් ගුවන් සේවයේ අලෙවි නියෝජිත මහේන් කාරියවසම් මහතා මෙම නව ගුවන් සේවාව පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය. මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේය. “කොළඹ සහ මාලදිවයින අතර වියට්ජෙට් නව ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත්ව සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රයට වැදගත් වර්‍ධනයක් වන අතර, සංචාරක කර්‍මාන්තය, වෙළඳාම සහ කලාපීය සහයෝගීතාව සඳහා නව අවස්ථා රැසක් නිර්‍මාණය කරනු ඇතැයි අප විශ්වාස කරනවා.’ ශ්‍යාම් නුවන් ගනේවත්ත

