FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මෙරට බඩු මිල වැඩිවෙන්නේ ඉන්දියාවේ එල්නිනෝ නිසා..- වසන්ත

FM Heart · 1 min read

The Heart Academy
පිටකොටුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. වෙළෙඳපොළේ වියළි මිරිස් සැපයුම සීමා වීම පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද වියළි මිරිස් තොගවල ප්‍රමිතියට වඩා ඉහළ තෙතමනයක් පැවතීම හේතුවෙන් අදාළ බහාලුම් වරාය තුළ රඳවා ගැනීමට සිදුව ඇති බව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ පවතින කාලගුණික විපර්‍යාස හමුවේ ඉදිරි උත්සව සමය ඉලක්ක කර ආනයනය කරනු ලබන ඇතැම් භාණ්ඩවල මිල ගණන් යම් මට්ටමකින් ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතිය ද, පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයක භාණ්ඩ හිඟයකින් තොරව අඛණ්ඩව සැපයුම් ලබාදීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒ මහතා සහතික විය. එමෙන්ම, වෙළෙඳපොළේ පවතින මෙම තාවකාලික තත්ත්වය වාසියක් කරගනිමින් කෘත්‍රිම හිඟයක් මවාපා අධික ලාභ ලැබීමේ අරමුණින් භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව වෙළෙඳ අමාත්‍යාංශය දැඩි නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile