FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ANC Education 2026 උපාධි ප්‍රදානෝත්සවය උත්කර්‍ෂවත් ලෙස පැවැත්වෙයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

August 20 (Citizen News) - ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්‍ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්‍ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්‍ෂික අධ්‍යාපන දින දර්‍ශනයේ සුවිශේෂ අවස්ථාවක් විය. මෙවර උපාධිධාරී කණ්ඩායමට ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන් සහ අධ්‍යයන මාර්‍ග රැසක් සාර්‍ථකව සම්පූර්‍ණ කළ සිසුහු ඇතුළත් වූහ. ඒ අතර Northwood Universityහි Business Administration උපාධිය සම්පූර්‍ණ කළ සිසුහු 53ක් සහ Northern Arizona Universityහි Science in Psychological Sciences උපාධිය සම්පූර්‍ණ කළ සිසුහු 22ක් වූහ. මීට අමතරව Pearson BTEC Higher National Diploma වැඩසටහන් සාර්‍ථකව නිම කළ සිසුහු 320ක් සහ Pearson BTEC Level 7 වැඩසටහන් සම්පූර්‍ණ කළ සිසුහු 29ක් මෙහිදී සිය ජයග්‍රහණ සැමැරූහ. Foundation සහ Diploma වැඩසටහන් සම්පූර්‍ණ කළ සිසුන් මෙන්ම ANC Educationහි ඇමෙරිකා එක්සත් ජනපද සහ කැනඩා අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ඔස්සේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය සිසුන්ගේ ජයග්‍රහණද මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. ANC Education සමඟ එක් වී කටයුතු කරන Northwood University, Northern Arizona University සහ Pearson ඇතුළු ජාත්‍යන්තර අධ්‍යාපන හවුල්කරුවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක් වූහ. එම සහභාගිත්වය හේතුවෙන් උපාධිධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තම සුදුසුකම් පිරිනමන විශ්ව විද්‍යාලවල සහ අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් සමඟ සිය ජයග්‍රහණ සැමැරීමට සුවිශේෂ අවස්ථාවක් හිමි විය. මෙහිදී විශිෂ්ට අධ්‍යයන දක්ෂතා දැක්වූ සිසුන් ඇගැයීමට Best Performer Awards 2026 සම්මාන පිරිනැමිණි. විවිධ අධ්‍යයන වැඩසටහන්වල ඉහළම දක්ෂතා දැක්වූ උපාධිධාරීහු එම සම්මානවලින් පිදුම් ලැබූහ. 2002 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ANC Education ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන සුදුසුකම් පිරිනමන ආයතන සමඟ ඇති හවුල්කාරිත්ව ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අවස්ථා රැසක් ශ්‍රී ලාංකික සිසුන්ට සපයයි. 2026 උපාධි ප්‍රදානෝත්සවය උපාධිධාරීන්ගේ අධ්‍යාපන ගමනේ සුවිශේෂ පරිච්ඡේදයක අවසානය සහ ඔවුන්ගේ වෘත්තීය හා අධ්‍යාපන ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළේය. ඇතැම් උපාධිධාරීන් වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසෙද්දී තවත් පිරිසක් උසස් අධ්‍යාපනය වෙත යොමු වන අතර තවත් සිසුහු ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා කරා පිය නඟති. ඒ සියලු දෙනාගේ කැපවීම, ප්‍රගතිය සහ අනාගත ගමන සැමැරීම මෙම උපාධි ප්‍රදානෝත්සවයේ මූලික අරමුණ විය. ANC Education පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා www.ancedu.com වෙත පිවිසිය හැකි අතර 0777449955 දුරකථන අංකය ඔස්සේද සම්බන්ධ විය හැකිය.

Google AdSense

In-Article Ad