
පලෙයි කැලේ තියෙන්නේ ගොවිපොලක්.. කොටි කදවුරක් නොවේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්‍ශන වාර්‍තාව සභාවට ඉදිරිපත් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ වීඩියෝව මගින් පෙන්වා දෙන ස්ථානය එල්.ටී.ටී.ඊ. කඳවුරක් නොව, 'නේචර් ෆාම්'නමින් පවත්වාගෙන ගිය ගොවිපළක් බවයි. කනගරායම්පුර බටහිර ප්‍රදේශයේ අක්කර 10ක භූමි ප්‍රමාණයක ආරම්භ කර ඇති මෙම ගොවිපළ පසුව අක්කර 21ක් දක්වා අනවසරයෙන් ව්‍යාප්ත කර ඇති බවත්, එය පලෙයි වන රක්ෂිතයට අයත් රජයේ ඉඩමක් බවත් විමර්‍ශනවලදී තහවුරු වී ඇති බව හෙතෙම පැවසීය. මෙම අසත්‍ය ප්‍රචාරය මෙහෙයවා ඇත්තේ සංගීත් ජයසේකර නැමැති පුද්ගලයෙකු බවත්, ඔහු වෛද්‍යවරයෙකු සහ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. ඔහුට එරෙහිව රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම, වටිනා දැව ජාවාරම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ අධිකරණ ක්‍රියාමාර්‍ග 7ක් දැනටමත් ගෙන ඇති බව ද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේය. සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පැවසූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීමට දරන මෙවැනි උත්සාහයන්ට රජය කිසිසේත්ම ඉඩ නොතබන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

