FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රිය අනතුරකින් තිදෙනෙක් මිය යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිසිය සඳහන් කළේ බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්‍ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු, 39 හැවිරිදි කාන්තාවක් සහ 07 හැවිරිදි කුඩා දැරියකි. ඔවුන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්‍තා වේ. මෙම ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කළ තවත් කුඩා දැරියක තුවාල ලබා ඇති අතර, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්‍ශන පවත්වයි.

Google AdSense

In-Article Ad