FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 සංශෝධනයට පෙර මහජන මතය විමසනු..- කතෝලික රදගුරු සම්මේලනය

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්‍ඝ කිරීමට අදාළව පසුගිය ජූලි 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමුළුව මේ බව සඳහන් කර තිබේ. අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ කලාපීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව රදගුරු සමුළුව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එවැනි සංශෝධනයකදී අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්‍මය සුරැකීම අතිශය වැදගත් බව එම නිවේදනයේ අවධාරණය කර ඇත. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල අතර නිසි සම්බන්ධතාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව පවසන රදගුරු සමුළුව, අධිකරණ බලයේ ස්වාධීනත්වය සහතික කිරීම යුක්තිය, මානව ගරුත්වය, මූලික අයිතිවාසිකම් සහ සියලු පුරවැසියන්ගේ පොදු යහපත සඳහා පවතින අත්‍යවශ්‍ය ආරක්ෂාවක් බව ද පෙන්වා දෙයි. එබැවින්, වර්‍තමානයේ යෝජනා වී ඇති මෙම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්ම සිදුකළ යුත්තක් බව සමුළුව අවධාරණය කරයි. එමෙන්ම පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම පමණක් නොව, රට තුළ පවතින අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් සෙවීම සහ නඩු විභාග කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට පිළියම් යෙදීම කෙරෙහි ද රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව කතෝලික රදගුරු සමුළුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

Google AdSense

In-Article Ad