FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තමන්ගේ බෝට්ටු වලට ආණ්ඩුවේ ධීවර වරායෙන් පිනට තෙල් ගහපු මන්ත්‍රීවරිය...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්‍ෂික වාර්‍තාවට ඇතුළත් කර ඇති ජාතික විගණන කාර්‍යාලයේ අලුත්ම විගණන වාර්‍තාව මඟින් වරාය කළමනාකරණයේ සහ මූල්‍ය පාලනයේ සිදුවී ඇති බරපතල අක්‍රමිකතා කිහිපයක් අනාවරණය කර තිබේ. දේශපාලන බලපෑම් මත දුන් ඩීසල් ණය තවමත් අය කරගෙන නෑ විගණන වාර්‍තාවට අනුව කොඩ්බේ ධීවර වරාය මඟින් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා මෙන්ම පෞද්ගලික වාහන සඳහා ද ඩීසල් ණයට ලබා දී ඇත. එලෙස ලබාදුන් ඉන්ධන වෙනුවෙන් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට (1,400,000) ආසන්න මුදල මෙතෙක් අය කරගැනීමට අදාළ බලධාරීන් අපොහොසත් වී තිබේ. දික්ඕවිට වරායේ ඉන්ධන ලීටර් 2700ක් අපතේ: පාඩුව තවමත් අදාළ සමාගමෙන් අය කරගෙන නෑ මීට අමතරව, හැඳල දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්‍යන්තයේ සිදුවූ තවත් මූල්‍ය හා පද්‍ධතිමය පාඩුවක් පිළිබඳව ද මෙම විගණන වාර්‍තාවේ සඳහන් වේ. සිදුවීම: 2019 වසරේදී අදාළ කොන්ත්‍රාත් ආයතනය විසින් දික්ඕවිට වරායේ උතුරු පර්‍යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී විශාල ඉන්ධන කාන්දුවක් සිදුවී ඇත. සිදුවූ හානිය: එකී කාන්දුව හේතුවෙන් ඉන්ධන ලීටර් 2,700ක් පමණ නාස්ති වී ගොස් තිබේ. විගණන නිරීක්ෂණය: මෙම ඉන්ධන කාන්දුවෙන් සිදුවූ සමස්ත පාඩුව බට සවි කරන ලද අදාළ ආයතනය වෙතින් අය කරගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්‍යාලය පෙන්වා දෙයි. රාජ්‍ය ආයතන සතු දේපොළ සහ මූල්‍ය සම්පත් මෙලෙස අක්‍රමවත් ලෙස භාවිත කිරීම සහ සිදුවන පාඩු අය කරගැනීමට උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් මෙම විගණන වාර්‍තාව හරහා දැඩි අවධානයක් යොමු කර ඇත.

Google AdSense

In-Article Ad