
අපි බලයට එනකොට රට තිබුණේ ණය ගෙවන්න බැරි, ඩොලර් නැති, තෙල් ගේන්න බැරි බංකොලොත් තත්ත්වයක...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වන විට රට පැවති බංකොලොත් තත්ත්වය සහ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්‍ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්‍ග පිළිබඳව ඔහු මෙහිදී දීර්‍ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. "අපි බලයට එනකොට රට තිබුණේ ණය ගෙවා ගන්න බැරි ඩොලර් නැති, තෙල් ටික ගේන්න බැරි බංකොලොත් තත්ත්වයක. කොවිඩ් කාලේ රුපියල් 5000 බෙදුවේ බියගම ඩිලාරෝ ෆැක්ටරියේ සල්ලි අච්චු ගහලා. ඒත් අපි වසර දෙකක් ඇතුළත ආර්‍ථිකය නිවැරදිව කළමනාකරණය කළා. ඉතිහාසයේ පළමු වතාවට රුපියල් බිලියන 4900ක ආදායම් ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 5200ක ආදායමක් උපයා ගැනීමට අපේ රජය සමත් වුණා," යැයි අමාත්‍යවරයා පැවසීය. එම ආදායම් ඉලක්ක සපුරා ගැනීම හරහා ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වූ බව පෙන්වා දුන් මහින්ද ජයසිංහ මහතා, අස්වැසුම ප්‍රතිලාභ ඉහළ නැංවීම, පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට රුපියල් 6000ක දීමනාවක් ලබා දීම සහ මහපොළ ඇතුළු ශිෂ්‍යත්ව දීමනා වැඩි කිරීම ඒ අතර ප්‍රධාන වන බව සඳහන් කළේය. තවද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අවස්ථා තුනකදී වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 330ක් වෙන් කළ බවත්, විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක දීමනාවක් සහ වතු සේවක වැටුප් වැඩි කිරීමට රුපියල් මිලියන 5000ක් වෙන් කළ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. විපක්ෂය එල්ල කරන විවේචන සහ මඩ ප්‍රචාර තමන් තඹ සතයකටවත් මායිම් නොකරන බව පැවසූ අමාත්‍යවරයා, රජය බලයට පත් කිරීමට කැප වූ ජනතාවගෙන් ලැබෙන ඕනෑම සාධාරණ විවේචනයක් හෝ අඩුපාඩුවක් නිහතමානීව පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට රජය සැමවිටම සූදානම් බව ද අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

