FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

LOLC ඇපයේ ස්වභාවය පැහැදිලි කරයි; ලබාගත් සැබෑ ණය මුදල හෙළි නොකරයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

LOLC Holdings PLC විසින් මහජන බැංකුවෙන් රුපියල් බිලියන 20ක් දක්වා ණය පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පලවන පුවත්වලට පිළිතුරු ලෙස මහජන නිවේදනයක් පල කර තිබේ. එම සමාගම අදාළ පැහැදිලි කිරීමේදී, එම ගනුදෙනුව සඳහා යොදාගන්නා ඇපයේ ස්වභාවය පිළිබඳව කරුණු දක්වා තිබේ. එහෙත්, ගනුදෙනුවේ මූල්‍ය විස්තර සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් සිදු කර නොමැත. LOLC Mauritius Holdings Limited හි 2026 සැප්තැම්බර් 4 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව, LOLC Holdings PLC වෙත මහජන බැංකුවෙන් රුපියල් බිලියන 20ක් දක්වා ණය පහසුකම් ලබාගැනීම සඳහා එම සමාගම සතු ඇමරිකානු ඩොලර් ස්ථිර තැන්පතු ඇපයට තබා ඇති බවට වන මාධ්‍ය වාර්‍තා ද අදාළ නිවේදනය මගින් සම්පූර්‍ණයෙන් ප්‍රතික්ෂේප කර නොමැත. LOLC සිය නිවේදනයෙන් පවසන්නේ මෙම ණය පහසුකම මහජන බැංකුවේම පවත්වාගෙන යන ඩොලර් තැන්පතුවකින් සම්පූර්‍ණයෙන් ආවරණය වන බවයි. එහෙත්, රුපියල් බිලියන 20ක උපරිම ණය සීමාවෙන් මේ වන විට සැබෑවටම ලබාගෙන ඇති මුදල කොපමණද? යන්න සමාගමේ නිවේදනයෙන් පැහැදිලි නොවේ. එසේම, ඇපයට තබා ඇති ඩොලර් තැන්පතුවේ වටිනාකම කොපමණද? LOLC Mauritius Holdings Limited සතු තැන්පතුවක් LOLC Holdings PLC හි ණය පහසුකමක් සඳහා යොදාගැනීමේ නිශ්චිත කොන්දේසි මොනවාද? අදාළ ණය පහසුකම ක්‍රියාත්මක කර තිබේද? යන ප්‍රශ්නවලට ද නිවේදනයෙන් සෘජු පිළිතුරු ලැබී නොමැත. තවද, LOLC සමාගම මෙම ගනුදෙනුව සම්පූර්‍ණයෙන්ම ඇපයෙන් ආවරණය වන එකක් බව පවසන අතර, මහජන බැංකුවේ සභාපතිවරයා මීට පෙර “ශ්‍රී ලංකා මිරර්” වෙත කියා සිටියේ අදාළ ලේඛනයේ තොරතුරු බැංකුව සතු තොරතුරු සමඟ නොගැළපෙන බවයි. මේ අතර, ආර්‍ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම වෙනසට හේතුව කුමක්ද යන්න ද පැහැදිලි කිරීම සමාගම සතු වගකීමක් බවයි. කෙසේවුවද, ඩොලර් තැන්පතුවක් ඇපයට තබා රුපියල් ණය පහසුකමක් ලබාගැනීම පමණින් අක්‍රමිකතාවක් සිදුවූ බවට නිගමනය කළ නොහැකි බවද එම විශ්ලේෂකයෝ කියා සිටිති. එහෙත්, අධ්‍යක්ෂ මණ්ඩල තීරණය, LOLC හි පැහැදිලි කිරීම සහ මහජන බැංකුවේ ප්‍රකාශය අතර ඇති සියලු කරුණු පැහැදිලි වීමට නම්, ණය මුදල, ඇපයේ වටිනාකම සහ ගනුදෙනුවේ සැබෑ තත්ත්වය පිළිබඳ නිශ්චිත තොරතුරු අවශ්‍ය බව ඔවුන් පැහැදිළි කරයි. LOLC සමාගමේ පැහැදිලි කිරීම සැලකිල්ලට ගන්නා අතරම, මෙම ප්‍රශ්නවලට අදාළ සමාගමෙන් සහ මහජන බැංකුවෙන් පැහැදිලි පිළිතුරු ජනතාව අපේක්ෂා කරන බවද ආර්‍ථික විශ්ලේෂකයෝ කියති. මේ සම්බන්ධයෙන් මොරටුව සරසවියේ උපාධිධාරියකු, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සුළු පරිමාණ ආයෝජකයකු හා සමාජ ක්‍රියාකාරියකු වන දමිත් ප්‍රියදර්‍ශන විසින් පවත්වාගෙන යනු ලබන damnit_invest ඉන්ස්ට ග්‍රෑම් ගිණුම මගින් LOLC හි අදාළ බිලියන 20ක මහජන බැංකුවේ ණය සම්බන්ධ හෙළිදරව්වක් මීට පෙර සිදුකර තිබිණි. එය පහත දැක්වේ. View this post on Instagram LOLC හි මහජන නිවේදනය පහත දැක්වේ.

Google AdSense

In-Article Ad