FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ.. මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ..- ඤාණසාර හිමි ගැන අස්ගිරි මහ නාහිමි

FM Heart · 1 min read

The Heart Academy
බන්ධනාගාර කොමසාරිස් මෙන්ම ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහානායක හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙම දැඩි ප්‍රකාශය සිදුකළහ. එම හමුවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් විසින් මහානායක හිමියන් වෙත කරුණු දක්වමින්, බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාගේ විනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීති රීති මෙන්ම ඊට අදාළ බන්ධනාගාර චක්‍රලේඛ සංශෝධනය කිරීම සඳහා නව කෙටුම්පතක් සකස් කරමින් පවතින බවත්, ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි බවත් සඳහන් කරමින් අදාළ ලේඛනයක්ද උන්වහන්සේ වෙත භාරදෙනු ලැබීය. නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සාවධානව අසා සිටි අස්ගිරි මහානාහිමියෝ ඊට සෘජු ප්‍රතිචාර දක්වමින් මෙසේ ප්‍රකාශ කළහ. "ඔය අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ. මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ. නිදහසක් තියෙන්නත් එපැයි..."
99mobile