FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඔහොම නෙවෙයි කොහොම කරත් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නේ නැහැ, ඒක ස්ථීරයි - ඇමති ලාල්කාන්ත

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාගමනේ හිමිවරුන්ගේ යෝජනාව ඉෂ්ඨ වෙන්නේ නැහැ.. ජනවරමට පිටුපා ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයට කටයුතු කළ නොහැකි බවත්, මේ වන විට බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, විවිධ පාර්‍ශ්ව විසින් පාගමන් හෝ විරෝධතා සංවිධානය කළ ද, නීතියට පරිබාහිරව ඉදිරිපත් කරන එවැනි ඉල්ලීම් ඉටු කිරීමට රජයට ජනවරමක් නොමැති බවයි. පසුගිය රජයන් කුමන අයුරින් කටයුතු කළද, වත්මන් මාලිමා රජය යටතේ නීතිය තරාතිරම නොබලා අකුරටම ක්‍රියාත්මක වන බවත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය සම්පූර්‍ණයෙන්ම බැඳී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad