FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වාහන ලියාපදිංචිය ඉහලට..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙය පසුගිය අගෝස්තු මාසයේදී වාර්‍තා වූ නව වාහන ලියාපදිංචි කිරීම් 45,569 හා සැසඳීමේදී සියයට 18.2ක කැපී පෙනෙන වර්‍ධනයකි. ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී සියයට 13කින් පහත වැටී තිබූ දේශීය වාහන ලියාපදිංචිය, සැප්තැම්බර් මාසයේදී මෙලෙස යළිත් ඉහළ නැඟීම ක්ෂේත්‍රයේ සාධනීය පිබිදීමක් බව එම ආයතනය පෙන්වා දෙයි. සැප්තැම්බර් මාසයේ වාර්‍තා වූ නව ලියාපදිංචි කිරීම් අතරින් සිංහල කොටස හිමිව ඇත්තේ යතුරුපැදි සඳහාය. ඒ අනුව ලියාපදිංචි කර ඇති යතුරුපැදි සංඛ්‍යාව 38,719ක් වන අතර, එය ඊට පෙර මාසයට සාපේක්ෂව සියයට 15.2ක ඉහළ යාමකි. එමෙන්ම නවතම මෝටර් රථ සහ SUV රථ ලියාපදිංචියද සියයට 35.5කින් ඉහළ ගොස් ඒකක 2,337ක් ලෙස සටහන්ව තිබේ. මීට අලුත්ම මෝටර් රථ 751ක් සහ SUV රථ 1,586ක් ඇතුළත් වේ. මීට අමතරව, සැප්තැම්බර් මාසය තුළ වාණිජ මෝටර් රථ 2,081ක් ලියාපදිංචි කර ඇති අතර, ඉන් රථ 1,281ක්ම නවතම වාහන ලෙස හඳුනාගෙන ඇත. විදේශ විනිමය අර්‍බුදය හමුවේ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ පසුගිය වසර කිහිපය තුළ මෝටර් රථ වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ලක්ව තිබිණි. කෙසේ වෙතත්, දේශීයව එකලස් කරනු ලබන වාහන සඳහා වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නිර්‍මාණය වීම, බැංකු ණය පොලී අනුපාතික පහත වැටීම සහ සාර්‍ව ආර්‍ථික ස්ථාවරත්වය හමුවේ පාරිභෝගික විශ්වාසය යළි ගොඩනැඟීම මෙලෙස වාහන ලියාපදිංචිය යළි ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්‍ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Google AdSense

In-Article Ad