
මෙන්න තවත් පුනරුද ප්‍රවෘත්තියක්! යාපනයේ නල්ලුර්‍හි LTTE තිලීපන්ගේ ලෝකඩ පිළිරුවක් නිරාවරණය කෙරෙයි!
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාරාන්තික උපවාසයක නිරතව මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යාපනය දේශපාලන අංශයේ හිටපු නායකයෙකු වන තිලීපන්ගේ (රාසයියා පාර්‍තිපන්) 39 වන අනුස්මරණයට සමගාමීව, යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකරන ලද ඔහුගේ ලෝකඩ පිළිරුවක් ඉදිකර නිරාවරණය කර තිබේ. මෙම අනුස්මරණ අවස්ථාවට එක්වූ පිරිස් අදාළ පිළිරුව වෙත මල්මාලා පළඳවා, පුෂ්පෝපහාර දක්වමින් ආචාර ගෞරවය පුද කරන ආකාරය දැක්වෙන ජායාරූප රැසක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. ඉන්දු – ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු දෙමළ ජනතාව මුහුණදුන් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉන්දීය රජයට බලකරමින් ඉල්ලීම් 05ක් මුල් කරගෙන තිලීපන් මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය. ඒ අනුව, 1987 සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.45ට පමණ නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදී ඔහු ආහාර හා ජලය මුළුමනින්ම වර්‍ජනය කරමින් මෙම මාරාන්තික උපවාසය දියත් කළේය. එම ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව දින 12ක් පුරා උපවාසයේ නිරත වූ ඔහු, කිසිදු ඉල්ලීමක් ඉටුනොවූ පසුබිමක 1987 සැප්තැම්බර් මස 26 වැනි දින ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණය සිදුවූ දිනට සමගාමීව උතුරු පළාත පුරා විවිධ අනුස්මරණ වැඩසටහන් සංවිධානය කර ඇති බව වාර්‍තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ උතුරේ දේශපාලන සහ සමාජීය අවකාශය තුළ විවිධ මතභේද සහ සංවාද මතුවී තිබේ. 1980 දශකයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධ වෙමින් යාපනයේ ප්‍රධාන දේශපාලන අංශ නායකයෙකු ලෙස කටයුතු කළ තිලීපන් වැනි පුද්ගලයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ පිළිරුවලට මල් මාලා පළඳවා පුෂ්පෝපහාර දැක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මක අදහස් එල්ල වෙමින් පවතී. -newshub
Google AdSense
In-Article Ad

