FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපි මැජික්කාරයො නෙමෙයි... අපට මහ ලොකු දැනුමක් නෑ. අපි ඉගෙනගන්නවා...- නි. ඇමති

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

දේශපාලන අධිකාරිය ලෙස තමන් සියල්ල දත් පුද්ගලයන් හෝ මැජික්කරුවන් නොවන බවත්, ප්‍රවාහනය, මහාමාර්‍ග හෝ නාගරික සංවර්‍ධනය පිළිබඳව පවතින ගැටලුවලදී විෂය ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගනිමින් සහ නිරන්තරයෙන් කරුණු අධ්‍යයනය කරමින් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටක් සංවර්‍ධනය කිරීමේදී නිවැරදි තීන්දු ගැනීම සඳහා දේශපාලනඥයන් නව දැනුම සමඟ අඛණ්ඩව යාවත්කාලීන විය යුතු බවයි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අගය කළ ඒ මහතා, තමන්ට හිමිවන වැටුපට එහා ගිය කැපවීමකින් යුතුව මධ්‍යම රාත්‍රිය වන තෙක් කැබිනට් පත්‍රිකා සකස් කරමින් ව්‍යාපෘති සාර්‍ථක කරගැනීමට නිලධාරීන් දක්වන සහයෝගය ප්‍රශංසනීය බව පෙන්වා දුන්නේය. මෙහිදී කිසිදු දේශපාලන භේදයක් නොසලකා, ජනවරමට ගරු කරමින් නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, දේශපාලනය ජනතාව අතර සිදුකිරීමට දේශපාලනඥයන්ට භාරදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම, රාජ්‍ය අංශය තුළ නොමැති තාක්ෂණික සහ විශේෂඥ දැනුම පිටතින් ලබාගැනීමේ වැදගත්කම පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට විශ්වවිද්‍යාලවලින් බිහිවන දක්ෂ තරුණ පරපුර සහ ක්ෂේත්‍රයේ නිපුණතා සහිත ප්‍රවීණයන් විශාල සංවර්‍ධන ව්‍යාපෘති සඳහා දායක කරගත යුතු බව සඳහන් කළේය. මෙට්‍රෝ වැනි දැවැන්ත ව්‍යාපෘති සාර්‍ථකත්වයට පත්ව ඇත්තේ දේශපාලන අධිකාරියේ උනන්දුව, කැපවූ රාජ්‍ය නිලධාරීන් සහ දක්ෂ තරුණ වෘත්තිකයන්ගේ සාමූහික එකමුතුව හේතුවෙන් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. Deputy Minister Emphasizes Collaborative Development Approach for Sri Lanka Deputy Minister Prasanna Gunasekara expressed that the political authority does not claim to possess all knowledge or expertise. He highlighted the importance of engaging with subject matter experts to address transportation, highways, and urban development issues while continuously studying relevant data to guide public administration. In remarks made at a celebratory event, he stressed the necessity for politicians to stay updated with contemporary knowledge to make informed decisions crucial for the nation’s development. Gunasekara commended the dedication of public officials, noting that their commitment goes beyond financial remuneration. He acknowledged their collaborative efforts in preparing cabinet documents well into the night to ensure project success. He underscored the need for officials to operate without political bias, emphasizing that their actions should respect the public, and that political responsibility should remain firmly in the hands of elected representatives. Additionally, the Deputy Minister clarified the significance of acquiring technical and specialized knowledge from external sources, urging that the skills of talented youth emerging from local universities and industry experts should be harnessed for large development projects. He further noted that the successful execution of massive initiatives like the Metro project is attributed to the active involvement of the political authority, committed public servants, and the collective efforts of skilled young professionals. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad