FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රේණුක පෙරේරා මගේ මාමණ්ඩි නොවේ.. ගවයන් සේ හැසිරීමෙන් වළකින්න..- ලසිත් මාලිංග

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ, ඔහු ලසිත් මාලිංගගේ බිරිඳගේ පියා බවට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් නිර්‍මාණය විය. ඊට සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූ ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, රේණුක පෙරේරා මහතාට සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනෙකු පමණක් බවයි. තම නම අදාළ සිදුවීමට ඈඳාගනිමින් කටයුතු කරන පිරිස් විවේචනය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම මාමණ්ඩිය මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන බවත්, අසත්‍ය කරුණු පදනම් කරගනිමින් මෙවැනි ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙසත්‍ය. 2014 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණ උල්ලංඝනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්‍ගය සඳහා බස් බලපත්‍ර 56ක් නිකුත් කිරීම හරහා රජයට රුපියල් කෝටි 3යි ලක්ෂ 89කට (38,964,829) අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා, ලබන සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Google AdSense

In-Article Ad