
ශ්‍රී ලංකාව නේටෝ (NATO) සමග ගිවිසුමකට..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය මෙරට ස්වෛරීභාවයට බලපෑමක් බව පවසමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටී. කැනඩාවේ වික්ටෝරියා නුවර පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සමුළුවට සමගාමීව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්‍ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ නේටෝ හමුදා කමිටුවේ ප්‍රධානී අද්මිරාල් ජුසෙප් කැවෝ ඩ්‍රැගන් (Giuseppe Cavo Dragone) අතර මෙම ද්විපාර්‍ශ්වික සාකච්ඡාව අගෝස්තු 31 වැනිදා පවත්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි උපකරණ නවීකරණය, සයිබර් මෙහෙයුම්, නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ උසස් තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව දීර්‍ඝ ලෙස අවධානය යොමු වී තිබේ. මීට අමතරව, ආපදා කළමනාකරණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා (Drones) භාවිත කිරීම සහ දෙපාර්‍ශවය අතර හමුදා පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා එහිදී නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් ද කර තිබේ. මේ අතර, නේටෝ සංවිධානය සමඟ මෙලෙස ආරක්ෂක සබඳතා ගොඩනගා ගැනීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හෙළා දැක ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ නේටෝව යනු අධිරාජ්‍යවාදී අරමුණු සහිත සංවිධානයක් බවයි. ආරක්ෂක අමාත්‍යාංශය නේටෝ සංවිධානය සමඟ එළඹීමට අපේක්ෂා කරන ගිවිසුම් පිළිබඳව වහාම රටට හෙළි කළ යුතු බව එම පක්ෂය අවධාරණය කරයි. මෙම ක්‍රියාවලිය හරහා වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ලෝකය හමුවේ නිරාවරණය වන බවත්, සැප්තැම්බර් 01 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනය මගින් මෙම අනතුරුදායක සබඳතාව තහවුරු වන බවත් කොමියුනිස්ට් පක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Google AdSense
In-Article Ad

