FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දියාවෙන් අපට ඩොලර් බිලියන පහක් දෙන්න පොරොන්දු වුනා..- TB

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය බලයට පත්වූ දින සිට ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බවයි. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පවතින යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මෙම ආධාර උපකාර හිමිවීමට ප්‍රධාන හේතුව වී ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්දීය රජය මෙරට සංවර්‍ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා, යාපනය දුම්‍රිය මාර්‍ගය ඉදිකිරීම සහ අනුරාධපුර පැරණි නගරය නවීකරණය කිරීම වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා මෙම ආධාර මුදල් යෙදවීමට නියමිත බව ද අනාවරණය කළේය. "ඉන්දීය රජය අපේ රටේ ජනතාවගේ පොදු සුභසිද්ධිය වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. අනුරාධපුරය වැනි ඓතිහාසික නගරයක් නැවත ස්ථාපනය කිරීමට ඔවුන් ලබාදෙන මෙම සහයෝගය අපි ඉතා ඉහළින් අගය කරනවා," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Google AdSense

In-Article Ad