FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නියගයට ජලය බෙදන යාන්ත්‍රණය අවුල්..- ඇමති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල වැඩිම පවුල් සංඛ්‍යාවකට මේ වන විට බවුසර් මගින් ජලය සැපයීමට සිදුව ඇති බවයි. ජලය බෙදා හැරීමේ ක්‍රියාවලියේදී දැනට පවතින චක්‍රලේඛ සහ යාන්ත්‍රණයේ යම් යම් බාධාවන් පවතින බවත්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අදාළ චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම දැවැන්ත කාර්‍යය ප්‍රාදේශීය සභාවලට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට පමණක් තනිව සිදු කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය බව පැවසීය. ඒ අනුව ගම් මට්ටමින් පවතින සමිති සමාගම්, පෞද්ගලික අංශය මෙන්ම ට්‍රැක්ටර් සහ ජල ටැංකි හිමි පුද්ගලයින්ගේ සහයෝගය ද මෙම ජල බෙදා හැරීමේ කටයුතු සඳහා ලබාගත යුතු බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Google AdSense

In-Article Ad