BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගණේමුල්ල සංජිව ඝාතනය සිද්ධියට රිමාන්ඩ් කළ ඉෂාර සෙව්වන්දි රැදවූ තැන

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඊයේ පස්වරුවේ ඇය එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රැදවුම් භාරයේ සිටි එම සැකකාරිය ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයයේ නිලධාරීන් විසින්. එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ. 2025 පෙබරවාරි 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙරටින් පලා ගොස් තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය අත්අඩංගුවට ගැණුනේ නේපාලයේදීයි. .

Google AdSense

In-Article Ad