BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනපති සහ නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හෙට පස්වරු එකට විශේෂ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ පවතින ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට ද එම සංගමය පසුගියදා පියවර ගෙන තිබුණා. අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජිතයි. කෙසේ වෙතත් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ අදාළ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනය සිදු නොකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. .

Google AdSense

In-Article Ad