BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඕමාන් බොක්ක ඔස්සේ ඉරාන වරායක් වෙත ගමන් කරමින්, ඇමරිකාව විසින් පනවා ඇති නාවික සම්බාධක බිඳහෙළීමට තැත් කළ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම විධාන බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පැනමා රාජ්‍යයේ ධජය යටතේ සේවයේ යෙදී තිබූ ‘වේලා නෝවා‘ නමැති මෙම නෞකාව වෙත ඇමරිකානු නාවික හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් ‘හෙල්ෆයර්‘ මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි. ඇමරිකානු හමුදා නිකුත් කළ අවවාදාත්මක නිවේදන නොසලකා හරිමින් එම නෞකාව ඉරාන වරායක් දෙසට ගමන් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදු වී නෞකාව අක්‍රිය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සේවකයින්ට හානියක් සිදු වූවාද යන්න පිළිබඳව ඇමරිකානු බලධාරීන් තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් පුවත් සේවා අනාවරණ කලේ. පසුගිය ජූලි මාසයේ ඇති වූ දින 13 ක තීව්‍ර උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව ඇමරිකානු – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම්වල යම් අඩුවක් දක්නට ලැබුණු අතර, ඉන්පසුව එල්ල වූ ප්‍රධානතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙනවා. ඇමරිකානු මධ්‍යම විධාන බලකාය වැඩිදුරටත් පවසි ඇත්තේ ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් පනවා ඇති නාවික සම්බාධක බලගැන්වීමේ මෙහෙයුම් යටතේ මේ වන විට වාණිජ නෞකා 55 ක් අක්‍රිය කිරීමටත්, අවනත නොවූ නෞකා 3 කට ප්‍රහාර එල්ල කිරීමටත්, නෞකා 2 ක් පරීක්ෂාවට ලක් කිරීමටත් ඇමරිකානු බලඇණි කටයුතු කර ඇති බවයි. .

Google AdSense

In-Article Ad