BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

August 12 (Citizen news) - අගෝස්තු 7 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යෝජිත සංශෝධනය මඟින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරන බව රජය ප්‍රකාශ කර ඇතත්, ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි නොවන බව එම නිවේදනය මඟින් පෙන්වා දී ඇත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අධිකරණ සේවා සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මෙම සංශෝධනයට ඒකමතිකව විරෝධය පළ කර ඇත්තේ එය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු මැදිහත්වීමක් වන බැවින් යැයි අදාළ නිවේදනය මඟින් අවධාරණය කරයි. එමෙන්ම ආගමික නායකයන්, පුළුල් පරාසයක සිවිල් සමාජ සංවිධාන මෙන්ම විදේශයන්හි ප්‍රමුඛ නීතිඥ සංගම් සහ විනිසුරු සංගම් ද මෙම විරෝධතාවයට එක්වී ඇති බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්නා දැඩි විරෝධය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය මඟින් නැවත අවධාරණය කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Google AdSense

In-Article Ad