FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් ගැන අනාවරණයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම වසරේ මේ දක්වා සංචාරකයින් දස ලක්ෂ හතළිස් තිස්හයදහස් නවසිය විසිහයක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්‍ධන අධිකාරිය පවසනවා. මෙලෙස දිවයිනට පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව තුන්ලක්ෂ පනස්අටදහස් හයසිය අටක්. මීට අමතරව බි්‍රතාන්‍යයෙන් සංචාරකයින් ලක්ෂයකට හතළිස්දහස් අටසිය අනූදෙකක්, චීනයෙන් සංචාරකයින් අනූහතරදහස් අටසිය අනූවක්, ජර්‍මනියෙන් සංචාරකයින් අසූතුන්දහස් නවසිය හැටපහක් මෙරටට පැමිණි තිබෙනවා. මේ අතර, අගෝස්තු මාසයේ ගත වූ පළමු දින දහතුනක කාලය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව අනූතුන්දහස් පන්සිය එකකොළහක්. එහිදී මාසයේ පළමු සතිය තුළ සංචාරකයින් හතළිස්නවදහස් හත්සිය පනස්නවයක් ද, දෙවැනි සතියේ ගත වූ දින හය තුළ සංචාරකයින් හතළිස්තුන්දහස් හත්සිය පනස්දෙකක් ද දිවයිනට පැමිණ තිබෙනවා. අගෝස්තු මස තුළදී ද වැඩිම සංචාරකයින් පිරිසක් වාර්‍තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, මේ මස දහතුන්වැනි දිනට පමණක් ඉන්දීය සංචාරකයින් විසිදහස් තුන්සිය හැත්තෑඅටක් පැමිණ තිබෙනවා. මීට අමතරව එක්සත් ජනපදයෙන් සංචාරකයින් දසදහස් හාරසිය අනූඑකක්, ප්‍රංශයෙන් සංචාරකයින් හත්දහස් එකසිය අනූඅටක් සහ චීනයෙන් සංචාරකයින් හයදහස් තුන්සිය අසූතුනක් මෙම මාසයේදී වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙස වාර්‍තා වී ඇති බවයි සංචාරක සංවර්‍ධන අධිකාරිය සඳහන් පැවසුවේ. .

Google AdSense

In-Article Ad