FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලංකාවත් ඔස්ට්‍රේලියාවක් කරනවා..- ඇමති හදුන් ඔස්ට්‍රේලියාවේදී

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිම තුළ ද ඔස්ට්‍රේලියාවේ පවතින ආකාරයේ නිදහස්, සාමකාමී සහ නීතිය අකුරටම ක්‍රියාත්මක වන පරිසරයක් නිර්‍මාණය කර දෙන බව කර්‍මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්‍න් නුවර පැවැති "ව්‍යවසායකයන්ගේ රාත්‍රිය 2026" (Entrepreneurs' Night 2026) විශේෂ හමුව අමතමිනි. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොහෝ පිරිසක් මෙරටින් බැහැරව ඔස්ට්‍රේලියාව වැනි රටවල් කරා සංක්‍රමණය වූයේ නිදහස් අධ්‍යාපනයක්, ස්වාධීන ජීවන රටාවක් සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් අපේක්ෂාවෙන් බවයි. එම අපේක්ෂාවන් ඉදිරි කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද සැබෑ කරන බවට ඔහු මෙහිදී සහතික විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ පවතින ප්‍රධාන ගැටලු වන මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්‍දනය කිරීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බව හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය. ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට බියෙන් තොරව කටයුතු කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්‍මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්‍යයක් බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හරහා රටේ අනාගත පරපුරට සුන්දර මව්බිමක් උරුම කර දෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. Sri Lankan Minister Promises Peaceful Environment for Nationals Abroad The Minister of Industries and Commerce, Sunil Handunnetti, has assured the Sri Lankan diaspora residing in Australia that efforts are underway to establish an environment within their homeland similar to the freedom, peace, and rule of law they enjoy in Australia. Speaking at the "Entrepreneurs' Night 2026," an event held in Melbourne, the Minister emphasized the aspirations of many Sri Lankans to migrate to countries like Australia in search of quality education, an independent lifestyle, and an environment where the law is applied equally to all. He confidently stated that these aspirations will soon be realized within Sri Lanka, ensuring that the country moves towards greater stability and opportunity. Handunnetti noted the government's ongoing measures to tackle significant issues faced in the Asian region, particularly the illicit drug trade and underground activities. Creating a secure environment where investors and entrepreneurs can operate without fear is a top priority for the government, which aims to confirm the supremacy of the law and bequeath a vibrant homeland to future generations. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad