
දකුණු කොරියානු හමුදා සමග පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අභ්‍යාස ගැන ට්‍රම්ප් තීරණයක් ගනී
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස අවම කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ පවතින යහපත් සබඳතාව පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි ට්‍රම්ප් පවසන්නේ. සිය ‘ටෲත් සෝෂල්‘ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙම හමුදා අභ්‍යාස සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් එහි වැඩි පිරිවැයක් ඇමෙරිකාව විසින් දරන බවයි. එමෙන්ම මෙම අභ්‍යාස මගින් අනවශ්‍ය සහ සතුරු සංඥාවක් නිකුත් වන බව ද ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත්, සැලසුම් කළ පරිදිම අදාළ හමුදා අභ්‍යාස ඉදිරියට පවත්වන බවයි දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ. ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිත මෙම අභ්‍යාස අවලංගු කිරීමට දැන් ප්‍රමාද වැඩි බව ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මීට අමතරව, ඉරානය පරමාණුක අවිවලින් තොර කිරීමේ ක්‍රියාවලිය සඳහා එක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම දකුණු කොරියාව විසින් ප්‍රතික්ෂේප කළ බව ද ට්‍රම්ප් මහතා අනාවරණය කර සිටිනවා. මේ අතර, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන මෙම හමුදා අභ්‍යාසය සතුරු ආක්‍රමණයකට සූදානම් වීමක් ලෙස හඳුන්වමින් උතුරු කොරියාව විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. එමෙන්ම උතුරු කොරියාව විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරන ලද බැලස්ටික් මිසයිල පරීක්ෂණ කිහිපයක් ද සිදුකරනු ලැබුවා. එමෙන්ම, ඉරාන අර්‍බුදයට මැදිහත්වීමට ජපානය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල් දැක්වූ මැලිබව සම්බන්ධයෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නොසතුට පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාස මෙලෙස අවම කිරීමට ට්‍රම්ප් තීරණය කළ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය 2018 වසරේදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ පැවැති න්‍යෂ්ටික විරෝධී සාකච්ඡා අතරතුරදී ද මෙම හමුදා අභ්‍යාස සම්පූර්‍ණයෙන්ම අත්හිටුවීමට ඔහු පියවර ගත්තා. එමෙන්ම, 2020 වසරේ පැවැති කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ද මෙම අභ්‍යාස සීමා කිරීමට පියවර ගැනුණා. .
Google AdSense
In-Article Ad

