
ප්‍රධාන ජලාශ 74 ක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට – මධ්‍ය පරිමාණ ජලාශවලටත් බලපෑම්
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74ක ජල මට්ටම සීග්‍ර ලෙස පහත බැස තිබෙනවා. එම දෙපාර්‍තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී ඩී එස් හේරත් මහතා සදහන් කළේ ප්‍රතිශතයක් ලෙස එය සියයට 37ක් දක්වා පහත බැස ඇති බවයි. කෙසේවෙතත් වගා කටයුතු වෙනුවෙන් අරපිරිමැස්මෙන් යුතුව ජලය ලබාදිය හැකි බවයි ඒ මහතා සදහන් කළේ. “වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව මගින් පාලනය වෙන ප්‍රධාන ජලාශ 74 හි පවතින ජල ප්‍රමාණය මේ වන විට ප්‍රතිශතයක් වශයෙන් සියයට 37 කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන්ම මේ වන විට යල කන්නයේ අවසාන අදියරට පැමිණෙමින් ඇති බැවින්, පවතින ජල ප්‍රමාණය මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරන අතර, මෙම ජලාශ වලින් — ප්‍රධාන ජලාශ වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශ වලටද මේ පවතින ජල ප්‍රමාණය ඉදිරි මෝසම් වර්‍ෂාපතනය, නොවැම්බර් දෙසැම්බර් වර්‍ෂාපතනය ලැබෙන තෙක් ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරනවා. ඒ කෙසේ වෙතත් මේ පවතින ජල ප්‍රමාණය ඉතාමත් අරපිරිමැස්මෙන් දායක ලෙස භාවිත කිරීම වැදගත් වෙන අතර, එමගින් ඉදිරි ඉදිරි වර්‍ෂාපතනය ලැබෙන තෙක් අපට මෙම ජලය, පානීය ජලය සහ අපගේ අනෙකුත් අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිත කිරීමට හැකියාවක් ලැබෙනවා.” මධ්‍ය පරිමාණ ජලාශවලද ජල මට්ටම ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් කියාසිටියා. “ප්‍රධාන ජලාශ 74 ක් පවතිනවා. එම ප්‍රධාන ජලාශ 74 හි පවතින ජල ධාරිතාවය සියයට 37 කට ආසන්න ප්‍රමාණයක් වන අතර, විශේෂයෙන් දිස්ත්‍රික් වශයෙන් සඳහන් කළොත් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය යම් ආකාරයක අවම ප්‍රමාණයක් නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන් මධ්‍ය පරිමාණ ජලාශ කීපයක ජල මට්ටම ඉතාමත් අවම මට්ටමකට පැමිණ තිබෙනවා. විශේෂයෙන් පවතින එම ජලාශවල පවතින ජල ධාරිතාවය අවම බැවින් සහ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වයත් සමග වාෂ්පීකරණයෙන් සහ අනෙකුත් අනෙකුත් ක්‍රමවලින් වෙන හානිය, ජල හානිය අධික බැවින් මෙම ජලාශවල ජල මට්ටම අවම අවම ප්‍රමාණයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන ජලාශවල මේ වන විට යම් ජල මට්ටමක් — පානීය ජලය සහ අනෙකුත් ජල අවශ්‍යතා සඳහා යම් ජල මට්ටමක් පවතින බව සඳහන් කරන්න පුළුවන්.” මේ අතර එල් නීනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක හතරකට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වී ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික්ක හතරෙහි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවයි. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කර තිබෙනවා. අදාළ ආයතනවල ප්‍රධානීන්ද ඇතුළත්ව මේ වන විටත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි වාර්‍තා වන්නේ.මේ වන විට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 04 ක ස්ථාන කිහිපයක පවුල් කිහිපයක් සඳහා පානීය ජල ගැටලු මතුව ඇති අතර, එම ගැටලු විසඳීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත් වී සිටිනවා. එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවක් නොමැති වුවද, කුඩා වැව් ඇතුළු ජල
Google AdSense
In-Article Ad

