FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පේන තෙක්මානෙක ඡන්ද නෑ.. පරම්පරා හතක් වෙන ආණ්ඩු නෑ...- එරංග

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

රත්මලානේ පැවති තරුණ සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ වත්මන් රජයට එරෙහිව කිසිදු දේශපාලන අභියෝගයක් නොමැති බැවින්, තවත් පරම්පරා හතක් යනතුරු මෙම ආණ්ඩුවම පවතිනු ඇති බවයි. පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය සම්පූර්‍ණයෙන්ම වෙනස් වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ පළමු වතාවට නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහු පෙන්වා දුන්නේය. "මීට පෙර වසර හයක් පමණ ඇදුණු නඩු දැන් මාස හයකින් විභාග වන තත්ත්වයට පත්ව තිබෙනවා. නාමල් රාජපක්ෂ වැනි අයට පවා අද නීතිය හමුවේ පෙනී සිටීමට සිදුව ඇත්තේ ඒ නිසයි," යනුවෙන් ඔහු පැවසීය. මීට පෙර පැවති පාලන සමයන්හිදී අධිකරණ අමාත්‍යවරුන්ගේ පුතුන් සහ දේශපාලනඥයන් නීතියට බලපෑම් කළ ආකාරයත්, සිරකරුවන් කූඩුවලට දැමිය යුත්තේ කෙසේදැයි ඔවුන් තීරණය කළ ආකාරයත් චිත්‍රපටවල මෙන් සැබෑ ජීවිතයේදී සිදු වූ බවත්, එම යුගය දැන් අවසන් වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම රජය ජනතාව විසින් ගොඩනැගූ සැබෑ ජනතා ආණ්ඩුවක් බවත්, එය දේශපාලන අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගත යුතු බවත් ඔහු පැවසීය. සමාජවාදී තරුණ සංගමය හරහා තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට වඩා, ඔවුන්ගේ ජීවිතය සහ බලාපොරොත්තු ගොඩනැගීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළේය. පරාජය කළ ද විනාශ කළ නොහැකි දේශපාලන බලවේගයක් ලෙස තමන් ඉදිරියට යන බවත්, පවතින අර්‍බුද හමුවේ වුවද රජය ස්ථාවරව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad