FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සරුංගල් මාරයාගෙන් පරිස්සම් වෙන්න – සෞඛ්‍ය අංශවලින් ඇඟ හිරිවැටෙන දැනුම්දීමක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සරුංගල් යැවීම් ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්‍තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවේ සරුංගල් යැවීම විනෝදාස්වාදජනක ක්‍රියාකාරකමක් වුවද, නොසැලකිලිමත් ලෙස සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව එය සිදුකිරීම හේතුවෙන් දරුවන් ඇතුළු පුද්ගලයන්ට බරපතළ හා ඇතැම් අවස්ථාවල ජීවිත අවදානමකට පවා මුහුණදීමට සිදුවිය හැකි බවයි. ඒ අනුව කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී සිදුවන ගැටීම් හා වැටීම් මෙන්ම, උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් හේතුවෙන් බරපතළ අනතුරු සිදුවීමේ අවදානමක් පවතින පවතිනවා. විශේෂයෙන් සරුංගල් යැවීමේදී භාවිත කරන නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීම හේතුවෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය වී විදුලි සැර වැදීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන අවස්ථාද නිරීක්ෂණය වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවා. විදුලි සැර වැදීමෙන් සිදුවන පිළිස්සුම් තුවාල හේතුවෙන් අත්, බාහු සහ ඇතැම් අවස්ථාවල පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායු දැඩි ලෙස හානිවීමට ඉඩ පවතිනවා. එවැනි හානි හේතුවෙන් එම ශරීරාංග යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම නිසා ශල්‍යකර්‍ම මගින් හානි වූ කොටස් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා පිළිබඳව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වාර්‍තා කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම, අධිබලැති විදුලි රැහැන් සමඟ විදුලි සන්නායකතාව ඇති නූල් ගැටීමෙන් සිදුවන විදුලි සම්ප්‍රේෂණය හේතුවෙන් ක්ෂණිකව ජීවිත හානි පවා සිදුවිය හැකියි. එබැවින් අධිබලැති විදුලි රැහැන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංගල් යැවීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා. සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු බවයි රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ. .

Google AdSense

In-Article Ad