
අගවිනිසුරුගේ උප්පන්නය කූඨ ලේඛනයක්.. ජනාධිපති ඒක පෙන්නා බ්ලැක්මේල් කරනවා..- රෝහිණීගෙන් බරපතල කතාවක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නියෝජ්‍ය කථානායකවරයා අමතමින් ඇය පෙන්වා දුන්නේ යූ ටියුබ් නාලිකාවක් මගින් අගවිනිසුරුවරයාගේ පෞද්ගලික තොරතුරු හා ලේඛන සම්බන්ධයෙන් විවිධ අනාවරණයන් සිදු කර ඇති බවයි. විශේෂයෙන්ම ඔහුගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ තොරතුරු, විවාහ සහතිකය, උපන් දිනය මෙන්ම දරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳව දත්තයන්හි පවතින ගැටලුකාරී තත්ත්වයන් එම නාලිකාව මගින් ප්‍රශ්න කර ඇති බව මන්ත්‍රීවරිය සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද පැවසුවාය. "අගවිනිසුරුවරයාගේ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් පවතින යම් ගැටලුවක් මුල් කරගනිමින් ජනාධිපතිවරයා විසින් ඔහුව 'බ්ලැක්මේල්' කරන්නේද යන සැකය සමාජය තුළ මතු වී තිබෙනවා. කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමකට යටත් වීමට සිදුවේ යැයි බිය ගන්වා, රජයට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබා ගැනීමට ඔහුට බලපෑම් කරන්නේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා." මෙම චෝදනා අසත්‍ය නම් ඒවා නිවැරදි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් බවත්, එසේ නොමැති වුවහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Google AdSense
In-Article Ad

