FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නීතිය කාලෙන් කාලෙට වෙනස් වෙන්නෝනෑ.. 22 ගේන්නේ නිසා..- කොට්ටච්චි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්, එම නඩු විසඳීමට ගතවන දීර්‍ඝ කාලය සහ වැයවන අධික පිරිවැය හේතුවෙන් සාමාන්‍ය ජනතාව අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී ගොස් ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය. නඩුවක් යනු වසර ගණනාවක් ඇදෙන, අවිනිශ්චිත ක්‍රියාවලියක් බවට පත්ව ඇති බැවින් ජනතාව අධිකරණයට යාමට පවා මැළිකමක් දක්වන බව ඇය පැවසුවාය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන්ගේ සේවා කාලය තවත් වසර දෙකකින් දීර්‍ඝ කිරීමට යෝජනා කර ඇති බව ඇය අනාවරණය කළාය. එමගින් ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳා අවසන් කිරීමටත්, අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින දුරස්ථභාවය ඉවත් කර විශ්වාසය තහවුරු කිරීමටත් අපේක්ෂා කරන බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය. "නීතිය කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා එක්ක බැඳුණු දෙයක්. මිනිසුන්ගේ අවශ්‍යතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා නම්, ඒ මිනිසුන් පාලනය කරන නීතියත් වෙනස් විය යුතුයි. අපේ රජයේ අරමුණ පාලකයන්ට නොව මහජනතාවට යහපතක් සැලසෙන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමයි" යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධිකරණ පද්ධතිය වඩාත් කාර්‍යක්ෂම සහ සමීප ආයතනයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතාවය බවද ඇය මෙහිදී සහතික විය.

Google AdSense

In-Article Ad