
පාරේ උද්ඝෝෂණ කරද්දි වගේ නෙමෙයි රාජ්‍ය පාලනේ කරද්දි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. තමන් ද අක්කරයක වී වගා කර ඇති බවත්, එබැවින් ගොවියාගේ නිෂ්පාදන පිරිවැය පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 90කට වඩා අඩු මට්ටමක පවතින අතර, රජය වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එම මිලට වී අලෙවි කර ගැනීමේ යම් දුෂ්කරතාවයක් පවතින බව ඔහු පිළිගත්තේය. මෙම ගැටලුව විසඳීම සඳහා රජය කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ මෝල් හිමියන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවත් ඔහු පැවසීය. "රජයක් පාලනයට පැමිණි පසු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කළ යුතුයි. ඡන්දය දුන් මෙන්ම නොදුන් සියලු දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක්" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රටේ අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය වැඩි වීම වර්‍තමාන මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, මෙම තත්ත්වය කළමනාකරණය කර ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට රජය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.
Google AdSense
In-Article Ad

