
නේපාලයේ මහා ගංවතුරක්.. 400ක් අතුරුදන්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අතුරුදන් වූවන් අතර සංචාරකයන් ලෙස පැමිණි විදේශිකයන් 291 දෙනෙකු සිටින බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ. ඒ අතර ඉන්දියානුවන් 142ක්, මැලේසියානුවන් 17ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 12ක්, දකුණු කොරියානුවන් 8ක් සහ ඇමෙරිකානුවන් තිදෙනෙකු ද වන බව වාර්‍තා වේ. සෙසු පිරිසගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැත. නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් මහතා පවසන්නේ භූමිකම්පාවක් හේතුවෙන් ඇති වූ දැවැන්ත නායයෑමක් මගින් 'භෝටේ කෝෂි' ගංගාව අවහිර වීම මෙම හදිසි ගංවතුරට හේතු වූ බවයි. ගංගාව අවහිර වීමෙන් එක් රැස් වූ අතිවිශාල ජල කඳ එකවර මුදා හැරීමෙන් පහත්බිම්වල පිහිටි ගම්මාන රැසක් ජලයෙන් යට වී තිබේ. මෙම ජල පහරට හසුව නිවාස, මාර්‍ග, පාලම් සහ විදුලි බලාගාරවලට දැඩි හානි සිදුව ඇත. නේපාල විදුලිබල අධිකාරිය සඳහන් කළේ ප්‍රධාන ජල විදුලි බලාගාර හයක් සහ සම්ප්‍රේෂණ පද්ධති ගංවතුරෙන් විනාශ වී ඇති බවයි. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ දර්‍ශනවලින් පෙනී යන්නේ දැවැන්ත ගොඩනැගිලි සහ පාලම් ජල පහරට හසුව ගසාගෙන යන ආකාරයයි. කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රසුවා, නුවාකොට් සහ ධාඩින් යන දිස්ත්‍රික්කවලට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. කඳුකර භූ විෂමතාවය හේතුවෙන් සහන සේවා කටයුතු දැඩි දුෂ්කර වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමට පවා නොහැකි වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්‍තා කරයි. නේපාල ජනාධිපති රාමචන්ද්‍ර පෝඩෙල් මහතා මෙම ව්‍යසනය පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කර ඇති අතර, සහන සේවා කටයුතු කඩිනම් කරන ලෙස රජයට සහ මහජනතාවට දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය බාලෙන් ෂා මහතා පවසන්නේ රතු කුරුස සංවිධානය සහ වෛද්‍ය කණ්ඩායම් සමඟ එක්ව සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර, නේපාල දේශසීමාවට මායිම්ව පිහිටි ඉන්දීය ප්‍රාන්තවලට ද දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය රජය නියෝග කර තිබේ.
Google AdSense
In-Article Ad

