FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෛත්‍රීටසතුටුම යුගයේ ජනපතිසම්මානය පිදේ.. උත්සවය අරලියගහ මන්දිරයේදී..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොළඹ අරලියගහ මන්දිරයේදී 29 වැනිදා උත්කර්‍ෂවත් අයුරින් පැවැති ‘Global Brand Awards 2026’ සහ ‘SHE FOR THE NATION – Season 2’ ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මෙම උපහාරය පිරිනැමුණි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජාත්‍යන්තර සන්නාම රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටි අතර, ප්‍රකට ‘KGF’ චිත්‍රපට මාලාව හරහා ජාත්‍යන්තර කීර්‍තියට පත් ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි. මෙරට දේශපාලන ඉතිහාසය තුළ සිරිසේන මහතාගේ මැදිහත්වීම සහ සේවය අගය කරමින්, උළෙලේ සංවිධායක මණ්ඩලය විසින් ඔහු වෙත මෙම සුවිශේෂී ගෞරව නාමය සහිත සම්මානය පිරිනමන ලදී.

Google AdSense

In-Article Ad