
දැන් හොරකම නවත්තලා තියෙන්නෙ... විපක්‍ෂය කියන්නේ බොරු.. ඇත්ත කියන්නේ අපයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "අපි ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් සිටිනවා. ප්‍රධාන පෙළේ වංචා දූෂණ අපි නතර කර තිබෙනවා. නමුත් රාජ්‍ය තන්ත්‍රය සහ නිලධාරීන් අතර තවමත් ඇතැම් සුළු දූෂණ සිදුවන බවට අපට තොරතුරු ලැබෙනවා. ඒවා වැළැක්වීමට තාක්ෂණය උපයෝගී කරගත් ඩිජිටල්කරණ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා," යැයි අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, හිටපු මැති ඇමතිවරුන් පරිහරණය කළ නිවාස දහයක් පමණ මේ වන විට තානාපති කාර්‍යාල සහ සංචාරක ව්‍යාපෘති සඳහා ලබා දීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම, හිටපු පාලකයින්ට එරෙහි නඩු කඩිනම් කිරීම සඳහා මහාධිකරණ තුනක් ස්ථාපිත කර ඇති බවත්, අයථා ලෙස උපයාගත් දේපළ රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. විපක්ෂය විසින් ගම් මට්ටමින් ගොස් රජයට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට චෝදනා කළ අමාත්‍යවරයා, රජයක් ලෙස සත්‍ය තොරතුරු ජනතාවට පැහැදිලි කර දීම තම වගකීම බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

