
ගල් අගුරු ටිකක් මදි.. එනිසා නොරොච්චෝල පොඩ්ඩක් ස්ලෝ කලා..- විදුලි ඇමති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, පවතින ගල් අඟුරු සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය. එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

